මම කරන්න එපා කිව්ව දේවල් දෙකක් පවිත්‍රා කරලා – ධම්මික බන්ඩාර

මම කරන්න එපා කිව්ව දේවල් දෙකක් පවිත්‍රා කරලා –  ධම්මික බන්ඩාර

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් තමන්ට වගකිමක් ගත නොහැකි බව කෑගල්ලේ කොරෝනා පැණිය සෑදූ ධම්මික බන්ඩාර පවසයි.

සිය ෆේස්බුක් පිටුව හරහා අදහස් පල කර ඇති ධම්මික බන්ඩාර වැඩිදුරටත් පවසන්නේ පැණිය පානය කළ පසු නොකළ යුතු දේවල් ලෙස දැන්වු දේවල් දෙකක් ඇමතිනි පවිත්‍රා විසින් කඩ කර ඇති නිසා ඇයට වෛරසය ආසාදනය වී ඇති බවයි. මගේ පැණිය පාවිච්චි කරන අතරතුර මත්පැන් භාවිතය, දුම්පානය සහ මස් මාංශ අනුභවය නොකල යුතුයි. ධම්මික බන්ඩාර වැඩිදුරටත් පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ දේවාලයක කපු මහතෙකු ලෙස කටයුතු කළ ධම්මික බන්ඩාර නැමැත්තාගේ පැණිය ඇමතිනි පවිත්‍රා, විමල් වීරවංස, පියල් නිශාන්ත, සිසිර ජයකොඩි, චන්න ජයසුමන වැනි ආණ්ඩුවේ දේශපාලඥයන් විසින් ප්‍රධාන පෞද්ගලික රූපවාහිනි නාලිකාවක අනුග්‍රහයෙන් ප්‍රවර්ධනය කළ අතර පැණිය ප්‍රසිද්ධියේ පානය කළ ඇමතිනි පවිත්‍රා සහ පියල් නිශාන්ත මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඇත.

Facebook
Twitter
LinkedIn