ශ්‍රී ලංකා රේගුවේ පවතින දූෂණ නතර කිරීමට තමා හමුදා නිළධාරියෙක් පත් කලත් එය සාර්ථක ප්‍රතිඵල අත්කරදී නැතැයි ජනාධිපති එන්. ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ජනතාව තමන්ට බලය දුන්නේ දූෂණය තුරන් කිරීමට බව පැවසූ ජනපතිවරයා ඉදිරියේදී මීට වඩා දරුණු තීරණ ගෙන රේගුවේ සිටින සියලුම නිළධාරීන් එලියට දමා හෝ තමන් එම ආයතනය හැදිමට ක්‍රියාකරන බව වැඩිදුරටත් පවසයි.
පසුගිය වසරේදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස ජනාධිපතිවරයා විසින් යුධ හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පත්කරන ලදි.
මින් පෙරද ජනපති එන්. ගෝඨාභය රාජපක්ෂ විසින් මෙවැනිම සැර ප්‍රකාශ සහ දරුණු තීරණ කිහිපයක් ශ්‍රී ලංකා මහා බැංකුව, මෝටර්රථ ප්‍රවාහන අධිකාරිය සහ සහල් මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක කල අතර ඒවාට මාධ්‍ය හරහා ද විශාල ප්‍රචාරයක් ලබා දෙනලදි.
0










