සංවර්ධන බැඳුම්කර අලෙවියේ ඉලක්ක බිඳවැටේ

සංවර්ධන බැඳුම්කර අලෙවියේ ඉලක්ක බිඳවැටේ

රට සතු ඩොලර් සංචිතය ඉහළ දමා ගැනීම වෙනුවෙන් සංවර්ධන බැඳුම්කර අලෙවි කර ඩොලර් මිලියන 200ක් ලබා ගැනීමට මහ බැංකුව ක්‍රියාකර තිබුණද එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇති බව අනාවරණය වේ.

මෙම බැඳුම්කර අලෙවිය පසුගිය 15 වෙනිදා ආරම්භ කර ඇති අතර ජනවාරි 19 වන දින වනවිට බැඳුම්කර වෙනුවෙන් ඩොලර් මිලියන 40ක් සඳහා පමණක් ඉල්ලුම්කර තිබී ඇත. මෙම බැඳුම්කර සඳහා විදේශීය පුරවැසියන් සහ අනේවාසික ශ්‍රී ලාංකිකයන් මෙන්ම ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන් හටද අවස්ථාව සළසා තිබේ.

එහෙත් ඉතාම අඩු පිරිසක් සංවර්ධන බැඳුම්කර ලබා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන බිඳවැටුණු විශ්වාසය බව අනාවරණය වේ. මේ වනවිට යළිත් වරක් රුපියල බාල්දු වී ඩොලර් එකක් සඳහා රුපියල් 200 සීමාව දක්වා ගෙවීමට සිදුවී තිබේ.

Facebook
Twitter
LinkedIn