ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් අධ්‍යාපන අමාත්‍යංශය පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවැත්වූ රැස්වීමකට බස්නාහිර පළාතේ එම අමාත්‍යංශයට අයත් නිලධාරීන් ගෙන්වා නොගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික ගුවන් හමුදාපති මාර්ෂල් රොෂාන් ගුණතිලකට බැණවැදී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
හිටපු ගුවන් හමුදාපතිවරයා මේ වනවිට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කර සිටී. එම පළාතට අයත් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් පසුගිය 19 වනදසා පැවති එම රැස්වීමට සහභාගී කරගන්නා ලෙස පූර්ව දැනුම්දීමක් ආණ්ඩුකාරවරයාට සිදුකර තිබී නැත. එසේ තිබියදී ” කරන්න බැරිනම් අයින් වෙන්න.”යනුවෙන් බැණවැදී ඇති බව අනාවරණය වේ.
0










