පාස්කු ප්‍රහාරය චූදිතයින් නිදහස් කිරීම ගැන කාදිනල් හිමියෝ ප්‍රශ්න කරති

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්ථාව මෙම 31 වැනිදාට පෙර ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිබියදී එම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තඹ කම්හලේ සේවකයින් 10 දෙනාම නිදහස් කිරීම පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

එම සැකකරුවන් 10 දෙනා සම්බන්ධයෙන් සාක්ෂි නැති බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දීම නිසා නිදහස් කරනු ලැබීය. එහෙත් මේ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් සෘජුවම මහජන ආරක්ෂාව භාර ඇමති සරත් වීරසේකරගෙන් කරුණු විමසා තිබේ. මේ ආකාරයට කරුණු සිදුවීම පිළිබඳව මැල්කම් රංජිත් හිමිපාණන් සෘජුවම ආණ්ඩුවට විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

මෙයට පෙර පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයේදී වාර්ෂික මංගල්‍යයට එක්වෙමින් පසුගිය 20 වෙනිදාද කාදිනල් හිමියන් ප්‍රකාශ කර සිටියේ ‘මම මරණයට බය නෑ මාව නිහඩ කරන්න කිසිම බලවේගයකට බැහැ. මගේ ජීවිතය නැතිව ගියත් ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා.“ යනුවෙනි.

Facebook
Twitter
LinkedIn