ඛනිජ තෙල් සම්බන්ධ අධි අවදානම් තත්වයක්

රට තුළ ඛනිජ තෙල් ගබඩා කිරීමේ හිඟය සම්බන්ධයෙන් අධි අවදානම් තත්වයක් ඇති වී තිබෙන බව විගණන වාර්තාවකින් හෙළිවේ.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගබඩා කිරීම හා බෙදා හැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් 2020 අගෝස්තු 28 වන දින සකස් කර ඇත. එම වාර්තාවේ නිර්දේශ අනුව රට තුළ ඛනිජ තෙල් ගබඩා හිඟය සම්බන්ධයෙන් අධි අවදානම් තත්වයක් පිළිබඳ හෙළිකර තිබේ.

මේ වනවිට කොලොන්නාව, මුතුරාජවෙල, පේරාදෙනිය, ගාල්ල, කුරුණැගල, මඩකලපුව, අනුරාධපුර, බදුල්ල, කන්කසන්තුරේ, කොටගල, හපුතලේ, මාතර, සරසවි උයන, වවුනියාව සහ සපුගස්කන්ද වශයෙන් තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථාන 15ක් පවතී. මේ අතරින් කොලොන්නාව සහ මුතුරාජවෙල හැරුණු විට අනිකුත් මධ්‍යස්ථාන 13 නේම ධාරිතාවය මුළු ගබඩා ධාරිතාවයෙන් 14%ටත් වඩා අඩුය.

එම විගණන වාර්තාවේ පුරෝකථන අනුව ඉදිරියේදී මෙරට ඉන්ධන ඉල්ලුම සහ හිඟයකින් තොරව බෙදා හැරීම සඳහා ගබඩා කිරීම අතර පරතරය විශාලවීම නිසා, අධි අවදානම් තත්වයක් පැනනැගී ඇත. දැනට පවතින ධාරිතාවය අනුව 2026 වනවිට ගබඩා පහසුකම් ප‍්‍රමාණවත් වන්නේ දින 21කට අවශ්‍ය ඉන්ධන සඳහා පමණක් බව හෙළිකර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්