කොටස් වෙළඳපොළ තුළ ආණ්ඩුවේ සූදුව – ඉතිහාසයේ පාඩම් මෙන්න

පසුගිය 18 වැනිදා කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් ඉතිහාසයේ ඉහළම මිල දර්ශකය කරා ළඟා වූ බව වාර්තා කර තිබිණි. එය සියලු කොටස් මිල දර්ශක ඒකක 7922.66ක් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙයට පෙර දෙවැනි ඉහළම තත්වයක් දක්වා ළඟාවී ඇත්තේ මෙයට දස වසරකට පෙර 2011 පෙබරවාරි 11 වැනිදා බව එම මාධ්‍ය වාර්තාවල දැක්විණ. එහිදී සියලු කොටස් මිල දර්ශක ඒකක 7811.8ක් ලෙස වාර්තා වී තිබූ බව සඳහන්වේ.

එම කාලය තුළ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් කොටස් වෙළඳපොළ සඳහා ඉදිරිපත් වී තිබෙන විශේෂයෙන් තෝරාගත් සමාගම් කිහිපයකට සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් විශාල වශයෙන් මුදාහරිනු ලැබීය. ඒ මගින් අතිවිශාල ජාවාරමක් සිදුකර කෘති‍්‍රම ලෙස කොටස් වෙළඳපොළ වර්ජනයක් මහාපා තිබිණි. ඉන්පසුව කොළඹ කොටස් වෙළඳපොළ වේගයෙන් බිඳ වැටිණ.

මේ සම්බන්ධයෙන් 2011 ශ්‍රී ලංකා මහබැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබුණේ මෙසේය. ”එම මිල දර්ශකයන්ගේ පහළ යාම, 2009 වසරේ මැද භාගයේ සිට සීඝ‍්‍ර ලෙස ඉහළ ගිය මිල දර්ශකවලින් පසුව ඇති වී වෙළඳපොළ නිරවද්‍යකරණයක ප‍්‍රතිඵලයක් ද විය.” යනුවෙන් සඳහන් වේ. මෙයින් කියැවෙන්නේ කොටස් වෙළඳපොළ මිල ගණන් විකෘති ලෙස ඉහළගොස් තිබි පසුව පහත වැටීමෙන් ”නිරවද්‍ය කරණය” වූ බවය.

කොළඹ කොටස් වෙළඳපොළ නියාමනය කරනු ලබන ශ්‍රී ලංකා විනිමය කොමිෂන් සභාවේ සභාපති වශයෙන් එවකදී පත්කර සිටි තිලක් කරුණාරත්න සහ ඉන්ද්‍රාණී සුගතදාස මහත්ම මහත්මීන් දෙපළ ආණ්ඩුවේ පිරිස් මැදිහත් වී සිදුකරන ලද කොටස් වෙළඳපොළ මගඩියට විරුද්ධව කටයුතු කිරීම නිසා සභාපති ධුරවලින් ඉල්ලා අස්වීමට පවා සිදුවිය.

එම වකවානුවේ මහබැංකු අධිපති වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් පත්කර තිබූ අතර, විනිමය කොමිෂන් සභාවේ සභාපති වශයෙන් ආචාර්ය නාලක ගොඩහේවා පත්කර තිබිණි. එම කාලයේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ වර්තමානයේද මුදල් ඇමතිවරයා වේ. අනික් දෙදෙනා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කර සිටී. කොළඹ කොටස් වෙළඳපොළ සීඝ‍්‍ර දියුණුවක් පිළිබඳ මාධ්‍ය වාර්තා පළ කරන්නේ මෙම පසුබිම තුළය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්