අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී වසර 04ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායකට පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය දැරීමට නොහැකි බව නීතිපති දප්පුල ලිවේරා පවසයි.
නීතිපතිවරයා විසින් මේ සම්බන්ධව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක දැනුවත් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව රන්ජන් රාමනායකගේ මන්ත්‍රි පුරප්පාඩුව පිරවීමට ගම්පහ දිස්ත්‍රික් සමගි ජනබලවේගය ලයිස්තුවේ ඊලඟට වැඩිම මනාප හිමියා වන අජිත් මාන්නප්පෙරුම පත් වෙනු ඇත.
මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල පවසන්නේ රන්ජන් රාමනායකට පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්නැයි තමන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇති බවයි.
0










