එක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත්‍රිධුරයට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.
ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පල කල එ.ජා.ප. සභාපතිවරයා රටේ දේශපාලන වටපිටාව සමාලෝචනය කිරීමෙන් පසු පක්ෂ නායකයා විසින් තමන් පාර්ලිමේන්තුවට යන දිනය තිරණය කරනු ඇති බවයි.
“නායකයා එම තනතුරට පත්වන තුරු තාවකාලිකව හෝ අප පක්ෂයේ කිසිවෙකු එම තනතුරට පත් කරන්නේ නැ.” වජිර අබේවර්ධන අවධාරණය කරයි.
“අපේ නායකයා හැර වෙන කවුරු හරි කියනව නම් ඔහු හෝ ඇය එම ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට ගැලපෙනවා කියලා.. එයාට දේශපාලනය තේරෙන්නේ නැ.” වජිර අබේවර්ධන වැඩිදුරටත් පවසයි.
0









