අලුත්ගම පොලීසියේ 5කටත්, කඹුරුපිටියේ OICටත් කොරෝනා

අලුත්ගම පොලීසියේ 5කටත්, කඹුරුපිටියේ OICටත් කොරෝනා

අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුටද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක් ඒ අතර සිටිති.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර සිටී.

එමෙන්ම කඹුරුපිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාටද කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි අනාවරණය වේ.

ඒ අනුව එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලැබු පොලිස් නිලධාරින් 65 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

Facebook
Twitter
LinkedIn