ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන ශ්‍රි ලංකා එංගලන්ත ක්‍රිකට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ ක්‍රිඩකයින් නතරව සිටින ගාල්ල දඩල්ලේ පිහිටි සුපිරි සංචාරක හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වි ඇති බවට අද (18) තහවුරු වී තිබේ.
මෙසේ ආසාදිත වි ඇති දෙදෙනා ගාල්ල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි හෝටලයේ මුළුතැන්ගෙයි හා ලොන්ඩ්‍රියේ සේවය කරන දෙදෙනෙකි. මීට දින 04කට පෙර එනම් පසුගිය 14 වෙනිදාද මෙම හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකු ආසාදිතයින් බවට හඳුනා ගෙන තිබිණි.
අද (18) වාර්තා වූ ආසාදිතයින් දෙදෙනාද ප්‍රතිකාර සඳහා මේ වනවිට රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.
මෙම සේවකයින්ට වයිරසය වැළඳුන ආකාරය මෙතෙක් තහවුරු කරගෙන නැති බවද වාර්තා වේ.
0










