කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගැනීමේ සටනේ නිරත වන වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් දඩයම් කිරීම සඳහා ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ සිදුකර ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමටත්, ඉන්පසු වරාය අධිකාරියෙන් ඉවත් කිරීමටත් වන සැලැස්මක් මේ වනවිට දියත් වෙමින් පවතී. එමගින් අනෙකුත් වරාය සේවකයන් බියවද්දා වෘත්තිය සමිති අරගලය කඩාකප්පල් කිරීම ආණ්ඩුවේ අරමුණයි.
එසේම වරාය ඇතුළු අනිකුත් වෘත්තිය සමිතිවල අරගලය නැගෙනහිර පර්යන්තය විකිණීමෙන් එළියට ගෙන ගොස් වෙනත් දිශාවන් ඔස්සේ ගමන් කරවීමද එම වැඩපිළිවෙළේ කොටසක් බවට පත්ව ඇත.
මේ වනවිට වරාය වෘත්තීය සමිති විසිතුනක් දේශපාලන පක්ෂ භේදයකින් තොරව නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ අරගලයට උරදී සිටී.
2










