මුතුරාජවෙල ගොඩකිරීමට එරෙහිව “සුරකිමු මුතුරාජවෙල” විරෝධය

මුතුරාජවෙල ගොඩකිරීමට එරෙහිව “සුරකිමු මුතුරාජවෙල” විරෝධය

ගොල්ෆ් ක්‍රීඩාංගණයක් හා තවත් ඉදිකිරීම් සඳහා මුතුරාජවෙල තෙත් බිම් අභය භූමියේ අක්කර 700ක් ගොඩ කිරීමට එරෙහිව “සුරකිමු මුතුරාජවෙල” සංවිධානය විසින් ජා-ඇල නගරයේ අද (14) දී උද්ඝෝෂණයක් පැවැත්වූහ.

මෙම උද්ඝෝෂණය සඳහා “සුරකිමු මුතුරාජවෙල” සංවිධායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පළාත් සභාමන්ත්‍ර මහින්ද ජයසිංහ ඇතුළු ජනතා නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

පෞද්ගලික සමාගම් කිහිපයක් එක්වී මෙම ගොඩකිරීම් සිදු කරන බව උද්ඝෝෂණයට එක්වී සිටි පිරිස පවසා සිටිති. මුතුරාජවෙල ගොඩකිරීමේ කටයුතු සදහා රාජ්‍ය ආයතන කිහිපයකමද සහයෝගය ලැබී තිබෙන බවත් තවද වත්මන් රජය පරිසරය සුරකින බවට ජනතාවට ප්‍රතිඥා දී බලයට පැමිණියද අද පරිසරය විනාශය හමුවේ ආණ්ඩුව නිහඬ බවද රාජ්‍ය නිලධාරීන් මුතුරාජවෙල ගොඩකිරීම සදහා අවසර ලබා දෙන්නේ දේශපාලන අවශ්‍යතා මත බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

Facebook
Twitter
LinkedIn