හිනිදුම සතිපොළේ වෙළෙඳුන් 23කට කොරෝනා

හිනිදුම සතිපොළේ වෙළෙඳුන් 23කට කොරෝනා

ගාල්ල හිනිදුම, තවලම සතිපොළේ ‍වෙළෙඳුන් 23න් දෙනෙකුට කොවිඩ් -19 ආසාදිතයින් බවට අද (14) හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම ආසාදිතයින් පිරිස තහවුරු කරගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ සති පොළ කිහිපයකින් කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් පසුගිය 12 වනදා තවලම සතිපොළේ ‍වෙළඳුන් 83 දෙනෙකුගේ PCR පරීක්ෂණවලිනි.

මේ අතර නෙළුව ප්‍රදේශයෙන් කොවිඩ් – 19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් නෙළුව සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයක අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් පිරිසක් අද දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

Facebook
Twitter
LinkedIn