ආණ්ඩුව මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින පාරිසරික විනාශයන් සහ වෙනත් ආයෝජන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එයට ඡන්දය දුන් ලක්ෂ 69ක් ජනතාවගේ අපේක්ෂාවන් කනගාටුදායක තත්වයකට පත්කරමින් සිටින බවට විද්වතුන් මත පළ කරමින් සිටිති.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට මත දක්වා තිබිණි. මේ වනවිට විවේචනාත්මක මත දක්වන්නන් අතරට මෙම මහාචාර්යවරයා ද එක්වී සිටී. එම පුවත්පතට ප‍්‍රකාශ කර තිබූ කරුණු කිහිපයක් පහත පළ කෙරේ.
“69 ලක්ෂයක ජනතාවක් ඡන්දය දී ජනාධිපතිවරයා බලයට පත් කළේ විශාල විශ්වාසයකිනි. එහෙත් අද වනවිට සිදුවන විනාශය ගැන අපට කතා කිරීමට සිදුවන්නේ කනගාටුවෙනි. ඒ මන්ද යත් එයද සංචාරක කර්මාන්තයට විශාල හානියක් කරන බැවිනි. මිනිසා මැදිහත්වී ප‍්‍රවර්ධනය නොකළ මුත් ස්වභාවිකව හටගත් ගහකොළ යනු ලංකාවේ සංචාරක කර්මාන්තයට ආභරණයකි.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කර ගත්තේ මිනිසුන් ප‍්‍රචාරණ යාන්ත‍්‍රවලට යටවීම නිසා නොව විකල්පයක් නොතිබූ නිසා බවද, සිහියට නැගිය යුතුය. නායකයන් මේ යථාර්ථය තේරුම් ගත යුතුය.”










