ඉඩම් ඇතුළු පනත් 04ක් හදිසි සංශෝධනයට…

ඉඩම් ඇතුළු පනත් 04ක් හදිසි සංශෝධනයට…

ඉඩම් අත්කර ගැනීමේ පනත ඇතුළු පනත් 04ක් හදිසියේ සම්මත කර ගැනීමට ඇමති මණ්ඩලය පසුගිය 11වැනිදා අනුමැතිය ලබාදී තිබේ.

මේ අනුව 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත, 1957 අංක 51 දරන තේ පාලන පනත, 1907 අංක 19 දරන විවාහ ලියාපදිංචි කිරීමේ පනත සහ 2015 අංක 04 දරන අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහායදීමේ පනත යන පනත් 04ක් සංශෝධනය කිරීමට නියමිතය.

මේ අතරින් ඉඩම් අත්පත් කර ගැනීමේ පනත සහ තේ පාලන පනත ඍජුවම මෙරටේ ආර්ථිකය සමග දැඩිව බැඳී පවතී. අනික් පනත් 02 සිවිල් කටයුතු සම්බන්ධයෙනි.

ආණ්ඩුව මේ වනවිට අනුගමනය කරමින් තිබෙන බහුජාතික සමාගම් ඇතුළු මහා පරිමාණ ආයෝජකයන් හට රටේ ඉඩම් ලබාදීම සහ වැවිලි වතු සමාගම් සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්ති මූලික කර ගනිමින් මෙම පනත් සංශෝධනය කිරීමට සූදානම් වන බව පැහැදිලි වෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්