සීනි ආනයනය කිරීමේදී අයකරන බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා පහත හෙළීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න බදු මුදලක් වංචා කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව උදයගම්මන්පිල ඇමතිවරයා ඊයේ (12) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කර ඇත.
නමුත් මේ වනවිටද ජනතා විමුක්ති පෙරමුණ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ. එසේ තිබියදි ඇමතිවරයා ජනමාධ්‍යයට ප‍්‍රකාශකර තිබෙන්නේ “ඒ බව මාධ්‍ය හමුවලදී කියමින් නොසිට පොලිසිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතනවලට පැමිණිලි කළ යුතු” බවය.
වැඩිදුරටත් ඇමතිවරයා ප‍්‍රකාශකර තිබෙන්නේ “ඔවුන් එසේ කරන්නේ නම් එම තොරතුරු පිළිබඳ විමර්ශනය කර, යම් අයෙකු වරදක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් කිරීමට හැකි බව”ය.
‘අදානි + විල්මා’ සමාගමේ සජාඩ් මව්සීන් මෙම බදු වංචාව සිදුකර ඇති බව ජවිපෙ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලේ සඳහන් කොට ඇත.










