කළු සල්ලි සුදු කිරීම සහ එවැනි අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පසුගිය වසරේදී මූල්‍ය සමාගම් තුනකට දඩ නියම කර ඇති බව හෙළිකර තිබේ.
මහබැංකුව විසින් 12වැනි දින නිකුත් කරන ලද නිවේදනයකින් මේ බව ප‍්‍රසිද්ධ කර ඇත. රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය සමාගමට ඔක්තෝබර් 15 වැනි දින රුපියල් ලක්ෂ 03ක දඩයක් නියම කර ඇත. එසේම සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් සමාගමට නොවැම්බර් 04 වැනි දින රුපියල් ලක්ෂ 10ක් ද සියපත ෆිනෑන්ස් සමාගමට නොවැම්බර් 25 වැනි දින රුපියල් ලක්ෂ 10ක් ද බැගින් දඩ නියම කර තිබේ.
මෙම දඩ නියම කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේය. පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර තුළ මුල්‍ය සමාගම් නියාමනය තුළ මෙම කරුණ විමර්ෂණය කර අදාළ දඩ මුදල් නියම කළ බව මහ බැංකුවේ නිවේදනයේ සඳහන් වේ.
0










