පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ඇතුළු චූදිතයන් පස්දෙනාම මඩකලපුව මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. එම තීන්දුවට හේතු වී ඇත්තේ පසුගිය සදුදා (11) මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැතැයි නීතිපතිවරයා විසින් මහාධිකරණයට දැනුම්දීම හේතුවෙනි.
2005 වසරේදී නත්තල් දේව මෙහෙයට සහභාගී වෙමින් සිටියදී තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පරරාජසිංහම් මහතා ඝාතනය කළ අතර එහිදී ඔහුගේ බිරිඳ මාරාන්තික තුවාල ලැබීය.
2019 ඔක්තෝබර් 27දා, එනම් ජනාධිපතිවරණයට ආසන්නයේ මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන් හමුවිය.
8










