විදෙස් සංචාරකයන් හරහා නව වෛරස් ප්‍රභේදය පැතිරීමේ දැඩි අවදානමක් ගැන වසංගත රෝග ප්‍රධානියා අනතුරු අඟවයි

විදෙස් සංචාරකයන් හරහා නව වෛරස් ප්‍රභේදය පැතිරීමේ දැඩි අවදානමක් ගැන වසංගත රෝග ප්‍රධානියා අනතුරු අඟවයි

සංචාරකයන් සඳහා රට විවෘත කිරීමත් සමඟම බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවෙන් සොයාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය රටට ඇතුළුවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වසංගත රෝග ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන්යානා ශ්‍රී ලංකාවට ගොඩබෑම තාවකාලිකව නතර කර තිබුණත් නව වෛරස් ප්‍රභේදය පැතිර ගිය වෙනත් රටකින් එය මෙරටට පැමිණිය හැකි බවත් එමනිසා විදෙස් සංචාරකයන් සම්බන්ධයෙන් දැඩි අවදානය යොමුකළ යුතු බවත් නිරන්තරයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු බවත් වෛද්‍ය සමරවීර වැඩි දුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn