දකුණු අප්‍රිකානු තරග සංචාරයත් ඔන්න අහවරයිනේ… කන කෑම කෑවා ඇප නැති වෙන්නම ඉතිං… හුගාක් අය පළු අරිනවා දැක්කා මේ පරාජයට… හැබැයි ඉතිං අච්චර ලෙජන්ඩ්ලා සෙට් එකක් ඉදලත් ඔය ඉරණම දකුණු අප්‍රිකානු පිටියේ වෙනස් කරන්න බැරි වෙලානුනේ…
ඉතිං මේ හුගාක් අයගේ පපුවල කැක්කුම තියෙන්නේ ගියපාර දිනලා මේ පාර පැරදුන එක වෙන්න ඇති…
කොහොම උනත් මේ තරගාවලියේ හුගාක් අය කතා කරපු මාතෘකාවක් වුනා අපේ අයගේ ආබාධ ????
ඒත් එක්කම පුංචි ප්‍රශ්නයක් එනවා ඇයි ඕෂධ ප්‍රනාන්දු කියන හාදයාව මේ තරගාවලියට අරන් ගියේ කියලා…
කාගේ අනුදැනුමකින් මේක වුනත් කරේ තවත් දක්ෂයෙක්ගේ අවස්ථාවක් බිලි ගත්ත එක විතරයි… මොකද තරගාවලියට යන්න කලින් ඉදන්ම ඕෂධ ආබාධ තත්ත්වයේ හිටියා කියලා හැමෝම දන්නවනේ… එහෙම තියෙද්දි සීයට සීයක් ෆිට් නොවුන එයාව අරන් ගියපු එක නම් පට්ට අපරාදයක්… කාගේ කීමටද කියලා දන්නේ අර තේරිම් කමිටුව තමයි…
ඕෂධ කියන්නේ මොන තරම් වැඩ්ඩෙක් වුනත් ආබාධ වෙලා තියෙද්දි ආබාධ ඇත්තෝ දාලා සංචිත පුරවන්න තරම් අපේ ක්‍රිකට්වල පල්ලට ගිහිල්ලා නම් සෝ සෑඩ්…
ඒ කොහොම උනත් මේ ආබාධ ගැන වචනයක් කියන්නම ඕනේ….
හුගාක් වෙලාවට මේ ආබාධ වෙන්න මුල්ම හේතුව මෙයාලගේ පාසල් ක්‍රිකට්… එතනින් තමයි ක්‍රීඩකයෙක් හුරු වෙන තැන…එතැන කාලා විනාශ කරොත් ඉතිං බිහි වෙන්නේ අති දක්ෂ ලෙඩ්ඩු තමයි…
ඔය ඒ අස්සේ කතාවකුත් ආවනේ චමින්ද වාස් කියන ලෙජන්ඩ් එයාගේ ක්‍රීඩා ජීවිතේම ආබාධ වෙලා තියෙන්නේ එකම එක පාරයි කියලා…
ඉතිං එදා වාස්ලා දවසට බෝල් කරා වගේ භාගයක්වත් අපේ උන්දැලා දවසකට බෝල් කරනවද කියලා දෙයියෝ තමයි දන්නේ…
අද හුගාක් වීරයෝ ඉන්නේ සමාජ මාධ්‍ය වලනේ… ලකුණු 30ක් 40ක් ගැහුවත් ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් එකේ ෆොටෝ දානවා… දාලා ලයික්ස් අරන් එයාලා චූන් වෙනවා… ඉතිං කොහෙද ඉස්සර කට්ටිය ප්‍රැක්ටිස් කරා වගේ කරන්න වෙලාවක්…?
අද එයාලා සීමා වෙන්නේ ප්‍රැක්ටිස් ටයිම් එකේ ප්‍රැක්ටිස් කරන්න විතරයි… ඊට පස්සේ ඉස්කෝලේ ඉවරයො… ළමයි ගෙදර ගිහින් සෙල්ලම් කරනවා…. ගෙදර වැඩ නෑ ඒ ළමයින්ට…
ඔන්න ඕකයි අද තත්ත්වේ….
ආ… තව ඔය සංගක්කාර එහෙම එයා බිංදුවට අවුට් උනොත් ඒ බෝලෙට රෑ එළි වෙනකල් බැට් කරලා පුරුදු වෙනවලු… ඒත් අද කොහොමද ඒවා කොරන්ඩ වෙලාවක්… කොල්ලෝ පට්ට බිසීනේ…
ඒ වගේම තමයි අපිට ඉන්න වේග පන්දු පුහුණුකරුවෝ…
හුගාක් ලංකාවේ ක්‍රිකට්වල වේග පන්දුව භාර දෙන්නේ විදේශීය පුහුණුකරුවන්ට…
එයාලා දෙන ශෙඩියුල් එකට තමයි වැඩේ වෙන්නේ…
හැබැයි ලංකාවේ ෆාස්ට් බෝලිං කෝච් කෙනෙක් බලලා හොද පුහුණුකරුවෙක් ඒ තැනට ආදේශ කරොත් එයාලා දන්නවා අපේ අයට කොහොමද ප්‍රැක්ටිස් කරවන්න ඕනි කියලා… ආ තව ලෙජන්ඩ්ලා වෙන්නේ නැතුව එයාලා කියන දේ අහලා ඉගෙන ගන්නත් ඕනි හාද ???
ඒ වගේම තමයි අපේ තියෙන තණතීරු… පාසල් ක්‍රිකට්වල ඉදන් පළමුපෙල දක්වා හුගාක් වෙලාවට ආරම්භක පන්දුවාරයේ ඉදන් යොදා ගන්නේ දග පන්දු යවන්නෝ…ටෙස්ට් තරගයක් ඉවර වෙද්දි දග පන්දු යවන්නෝ පන්දුවාර 600ක් විතර යැව්වා නම් වේග පන්දු යවන්නෝ යවලා තියෙන්නේ පන්දුවාර 150ක් වගේ… ඉතිං එහෙම උනාම වේග පන්දු යවන්නන්ගේ තණතීරු හම්ඹ වෙලා වැඩි වෙලාවක් පන්දු යවන්න වෙද්දි ආබාධ එන එක සුළු දෙයක්… අපෙත් වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු හැදුනොත් මේ ආබාධ වගේම අලුත් වේග පන්දු යවන්නොත් හුගාක් බිහි වෙයි…
ඉතිං ඔන්න ඔහොමයි කොරෝනා එකෙන් පස්සේ අපේ අය ආබාධ වෙන්නේ…
කොරෝනා කාලේ කොහොම ප්‍රැක්ටිස් කරාද කියලා දන්නේ ඒ අයියලා තමයි… ජිම් එකේ ෆොටෝ ගහන වෙලේ ගන්න පඩියට මීට වඩා මහන්සි වෙනවා නම් හොදයි…
තඩි බඩවල් උස්සන් ක්‍රිකට් ගහපු අර්ජුනලා අරවින්දලා කාපු කට්ටවත් කන්නේ නැතුව සැප හොයාගෙන අඩු කට්ටක් කද්දි බිංදු වැඩි වෙනවා වගේම අතපය කැඩෙන ඒවාත් සාමාන්‍යයයි…
ඉතිං ඒකෙන් මේකෙන් ආබාධ ලැයිස්තුව ඉහළට යද්දි තරගාවලිය පැරදුන එක නම් එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
කුසල් මෙන්ඩිස්ට බැන්නට ගිය පාර දකුණු අප්‍රිකාවේ මිරැකල් කරන්න දිනනකල් ගහලා හාෆ් සෙන්චරියක් දාපු එකෙක් මේ පාර හලන්න තේරිම් කමිටුවට හේතුවක් නැතුව ඇති…මොකද ඒ කන්ඩිශන් වල ක්‍රීඩා කරලා කුසල් සාක්ෂි ඇතුවම එදා පෙන්නපු හින්දා…
ඒ වගේම තමයි ගියපාර ගොඩ ගියෙත් පන්දු යවන්නන්ගේ පිහිටෙන් තමයි හුගාක්ම…කුසල් ජනිත්ගේ ඕෂධගේ කුසල් මෙන්ඩිස්ගේ ඉනිම් ඇරෙන්න පිත්තෙන් ලොකු වැඩකිඩ අපේ අය දැම්මේ නැනොවැ…
මේ පාර ලක්මාල් ආබාධ වෙද්දි ගියපාර හොදටම කරපු රාජිත ආබාධ වෙද්දි විශ්ව විතරක් තනි වෙලා හිටියා…
ගේම් ප්ලෑනින් වගේම කැප්ටන්සියේ ලොස් වීම් වගේම තණතිල්ලේ වාසිය වගේ මේ සේරම තිබ්බේ අප්‍රිකන්ස්ලා අතේ… මොකද ඒ පැරදුනු ග්‍රවුන්ඩ්වල ලේසියෙන් අප්‍රිකන්ස්ලා පැරදිලා නැති නිසා…
කොහොම හරි කට්ටිය වේදනාවෙන් කෑ ගහන්න ඕනේ අපි තරගාවලිය පැරදුන එකට නෙමෙයි අපේ උන්දැලා ලංකාවේ නම ගහපු ජර්සිය දාගෙන පිට්ටනියට බහින්න කලින් වැඩ කරන්නේ කොහොමද කියන එකට වගේම අපේ මැනේජ්මන්ට් එක ගන්න මෝඩ තීරණවලට…
එහෙනම් ඉතිං මොනවා කරන්නද ?
බැන බැන බලන් ඉමු…
©️ Rishie Bro










