ඉන්දීය විදේශ ඇමති පැමිණීමේ රහස් මෙන්න…

ඉන්දීය විදේශ ඇමති පැමිණීමේ රහස් මෙන්න…

ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයසංකර් හදිසියේ ඊයේ (05) මෙරටට පැමිණ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පිළිබඳව බලපෑම් කිරීම ඇතුළු ඉතා සංවේදී ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර 06ක් කෙරෙහි ආණ්ඩුව සමග එකඟතාවලට පැමිණ ඇති බවට අනාවරණය වේ.

එම ක්ෂේත්‍ර 06 වන්නේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය, ද්‍රව හා ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මහාමාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය මෙන්ම විවිධ විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය යන ක්ෂේත්‍රයන්නය. මෙම ක්ෂේත්‍රවලින් අන්නෝන්‍ය වශයෙන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට සූධානම් වන බව එම හදිසි සංචාරයේදී ඉන්දීය විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

එම ප්‍රකාශය සමග ජනාධිපති ගෝටාබය රාජපක්ෂ එකඟවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙන් අනාවරණය වෙයි. ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාවට අයත් කාවේරි ද්‍රෝණියේ ස්වභාවික ගෑස් ලබා ගැනීමේ ව්‍යාපෘතිය සහ වතු ආශ්‍රිත නිවාස හා මාර්ග ඉකිරීමේ ව්‍යාපෘතිවලට එළඹී අවසන්ය. මෙම නව යෝජනාව අනුව වතු නිවාසවලට පරිබාහිරව නිවාස හා මාර්ග ඉදිකිරීම ඇතුළු ක්ෂේත්‍ර 06කට අලුතින් කඩාවැදීමට සූදානම් වන බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්