මඟුල් ගෙවල්වල සිගරට් බෑ; අරක්කු බෑ; විට බෑ

මඟුල් ගෙවල්වල සිගරට් බෑ; අරක්කු බෑ; විට බෑ

පවතින කොවිඩ් – 19 වසංගත තත්වය හමුවේ ඉදිරියේදී මංගල උත්සව පැවැත්විය යුුතු ආකාරය සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති එම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුව මංගල උත්සවවල දුම්පානය, මත්පැන් පානය සහ බුලත්විට කෑම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

ශාරීරික දුරස්ථභාවය ආරක්ෂා කිරීම, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම වැනි පොදු උපදෙස් මංගල උත්සවයට පැමිණෙන සියලු අමුත්තන් විසින් පිළිබපැදීම අනිවාර්ය බවද එහි සඳහන් වේ. විශේෂයෙන් නර්තන කණ්ඩායම්වල හා සේවා සපයන්නන්ගේ උපරිම සංඛ්‍යාව 20 නොඉක්මවිය යුතු බවද එහි සඳහන් වේ.

මංගල සභාව සඳහා අමුත්තන් සහභාගීකරවා ගත යුත්තේ උපරිම 150ක් පමණක් බවත් එය මංගල ශාලාවේ 50%ක ධාරිතාවය නොඉක්මවියයුතු බවත් එම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

එම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත්තේ නිවෙස්වල පවත්වනු ලබන මංගල උත්සවවලටද අදාලවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්