රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු හෙද හෙදියන් ඇතුළු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට කෝවිඩ් – 19 ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් එහි වාට්ටු තුකක් වසා දමා එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිත කාර්ය මණ්ඩලය සාමාජිකයන් ඇතුළු 101 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ රොද්‍රිගු සඳහන් කරයි.
එක් වෛද්‍යවරයෙක්, හෙද කාර්ය මණ්ලයේ 04 දෙනෙක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකුට මෙසේ කෝවිඩ් ආසාදිත බව තහවුරු වීමෙන් පසු ඔවුන් පල්ලෙකැලේ, ඇඹිලිපිටිය සහ කහවත්ත යන ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
මේ තත්ත්වය නිසා රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තම සායනයෙන් නිකුත් කරන වෛද්‍ය නිරීක්‍ෂණ සහ බෙහෙත් නියම කරන පොත රැගෙන ගොස් ආසන්නම පළාත් රෝහලකින් අවශ්‍ය ඖෂධ තාවකාලිකව ලබාගන්නැයිද රෝහල් අධ්‍යක්‍ෂ වරයා ඉල්ලා සිටියි.
දැනට විවෘත කර ඇති වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් බැලීම සඳහා නොපැමිණ සිටිය හැකි නම් එය වෛරසයේ පැතිරයාම වැලැක්වීමට විශාල පිටිවහලක් වනු ඇතැයිද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කරයි.










