බලන්ගොඩ පල්ලියකුත් වහයි

බලන්ගොඩ පල්ලියකුත් වහයි

බලංගොඩ ප්‍රදේශයෙන් කෝවිඩ් – 19 ආසාදිතයින් දෙදෙනකු හමු වීමත් සමග බලංගොඩ ගොරොක්ගහමඩ මුස්ලිම් පල්ලිය දින කීපයකට තාවකාලිකව වසා දමා ඇත.

ආසදිත පුද්ගලයා වයස අවුරුදු 60ක් පමණ වන අතර ඔහු රත්නපුර රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් ඇති බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් ඔහු කෝවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ එම පුද්ගලයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඔහු ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසු හෝමගම රෝහලේ කෝවිඩ් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දන් රිෆයිඩීන් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්