කොවිඩ් – 19 ආසාදිතයන් වැඩි පිරිසක් හමුවීම නිසා පොලොන්නරුව, කදුරුවෙල නගරයේ කොටසක් අද (06) පස්වරුවේ සිට වසා දැමීමට තීරණයකල බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.කුමාරවංශ ප්‍රකාශ කළේ අද (06) දිනයේ පමණක් කදුරුවෙල නගරයේ ප්‍රධාන පෙලේ ආපන ශාලාවක් ඇතුළු වෙළඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 08 දෙනෙකු හමුවූ බවයි. ගතවූ දින කිහිපය තුළ කදුරුවෙල නගරයෙන් කොරෝනා රෝගීන් 20 දෙනෙකු හමුවී ඇතැයිද ඒ මහතා අනාවරණය කරයි. මේ හේතුවෙන් කදුරුවෙල ප්‍රධාන වීදියේ අතරමැදි කොටස මෙසේ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද ඔහු සඳහන් කරයි.
දැනට හඳුනාගෙන ඇති ආසාදිතයන් සියලුම දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් වෛද්‍ය කුමාරවංශ මහතා ප්‍රකාශ කරයි.










