කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් බදුල්ල මහ රෝහලේ 10 වාට්ටුව වසා දැමීමට කටයුතු කර තිබේ.
හල්දුම්මුල්ල ප්‍රදේයේදී සිදුවූ රිය අනතුරකින් තුවා ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහලට ඇතුළත් කරතිබූ තුන් හැදිවිරිදි දරුවෙකුට කොවිඩ් – 19 අසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. එම නිසා මෙම රෝගී දරුවා ඇතුළත් කර තිබූ බදුල්ල මහරෝහලේ 10 වාට්ටුව අද (06) සිට වසා දමා තිබේ.
එම වාට්ටුවේ කාර්යමණ්ඩලයට නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස දැනුම්දී ඇත.
පානදුරේ සිට මෙම පිරිස පැමිණ ඇති අතර මෙම දරුවා සමග පැමිණි ඔහුගේ පවුලේ අට දෙනෙකු රෝහලට ඇතුලත් කර PCR පරීක්ෂණ සදහා යොමුකර ඇති අතර එම දරුවා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.
0










