GMOA පොහොට්ටුවේ කොටසක් – බැසිල් පළමුවරට හෙළිකරයි

GMOA පොහොට්ටුවේ කොටසක් – බැසිල් පළමුවරට හෙළිකරයි

පසුගිය මහමැතිවරණයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී ධූර ලබාදුන් බව එම පක්ෂයේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. GMOA ප්‍රධානීන් පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතුවල යෙදෙන බව මෙසේ පළමුවරට බැසිල් රාජපක්ෂ මහතා හෙළිදරව් කළේ පසුගිය 04වෙනිදා හිරු TV සලකුණ වැඩසටහනේදීය.

අතීතයේ දී වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සංගමයක් ලෙස සිය වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි, අපක්ෂපාතී සංවිධානයක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය වසර කීපය තුළ දැඩි ලෙස දේශපාලනීකරණය වූ බව නොරහසකි. මේ සම්බන්ධයෙන් ජනතාව තුළ වූ කුකුස බැසිල් රාජපක්ෂගේ මෙම ප්‍රකාශයත් සමග නිරාකරණය වී ඇත. බැසිල්ගේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

Facebook
Twitter
LinkedIn