යුක්රේන සංචාරකයන් පිලිගන්න ගිය ගුවන් තොටුපොළ කළමණාකරුට කොරෝනා

යුක්රේන සංචාරකයන් පිලිගන්න ගිය ගුවන් තොටුපොළ කළමණාකරුට කොරෝනා

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරක කන්ඩායම පිලිගැනීමට මත්තල ගුවන්තොටුපොළට ගිය කටුනායක ගුවන්තොටුපොළේ නියෝජ්‍ය කළමණාකරුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මෙම කළමණාකරු සමීපව ඇසුරු කළ සේවකයන් පිරිසක්ද නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි ගුවන් තොටුපොළ කාර්යභාර නිළධාරීවරයා ප්‍රකාශ කරයි.

යුක්රේනයෙන් පැමිණි සංචාරක කන්ඩායම තුළින්ද කොවිඩ් – 19 පොකුරක් ඇතිවූ අතර රජය විසින් ප්‍රසිද්ධියට පත් කළ යුක්රේන ජාතික කොරෝන ආසාදිතයන් හය දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර උදයංග වීරතුංග විසින් තම රාජපක්ෂ ඥාතින්ගේ බලය යොදා ශ්‍රී ලංකාවට ගෙන්වූ යුක්රේන සංචාරකයන් පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේෂ නොතකමින් කටයුතු කරන විට උදයංග පාර්ශවයෙන් පෙන්වා දුන්නේ මෙම යුක්රේන සංචාරක පොකුරෙන් ලංකාවේ කිසිවෙකුටත් කොරෝනා ආසාදනය නොවන බවයි.

Facebook
Twitter
LinkedIn