එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේ බව කියා සිටියේ පසුගිය 22 වනදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි ගුවන් යානයේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ආසාදිත ලෙස හදුනාගෙන ඇති බව සඳහන් කරමිනි.
ඔවුන් දෙදෙනාට ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍ය පුරා මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයදැයි හඳුනා ගැනීමට පරීක්‍ෂණ කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසයි.
එම ආසාදිතයන් දෙදෙනාගේ ජීව සාම්පල මේ වනවිට පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියාය.
1










