අදත් ආසාදිතයන් 354ක්

අදත් ආසාදිතයන් 354ක්

අද (29) දිනයට මේ වනවිට කොවිඩ් – 19 සාදිතයින් 354දෙනෙකු මෙරටින් වාර්තාවී ති⁣බේ.

එම ආසාදිතයින් වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 38,697ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 7,599 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 42,417කි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 195කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්