රත්නපුර රෝහලේ වාට්ටුවකුත් වසා දමයි

රත්නපුර රෝහලේ වාට්ටුවකුත් වසා දමයි

සෞඛ්‍ය කාර්මණඩලය සහ රෝගීන් ඇතුළු කොවිඩ් -19 ආසාදිතයින් 19 දෙනෙකු හමු වූ රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවක්ද සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

උක්ත ආසාදිත සෞඛ්‍ය කාර්මණ්ඩලයේ පිරිස් සහ ආසාධිත රෝගීන් වාර්තා වී ඇත්තේ එම වාට්ටුවෙනි. ඒ අනුව රෝගීන් 09 දෙනකුට සහ එම වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු සිටිති.

හඳුනාගත් 14 දෙනා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

එම වාට්ටුවේ රැඳී සිටි අනෙකුත් රෝගීන් නිරෝධනයට යොමුකර ඇති අතර කොවිඩ් – 19 ආසාදිත කාර්ය මණ්ඩලයේ පිරිසට වෛද්‍යවරයකුත්, හෙදියන් දෙදෙනකු සහ කණිෂ්ට කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු සිටින බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්