BOCය කබලෙන් ලිපට

BOCය කබලෙන් ලිපට

ලංකා බැංකුව විසින් අයදුම්කරන ලද ණය මුදලකට අදාළව චීන සංවර්ධන බැංකුව (China Development Bank) විසින් 2021 ජනවාරියේ ලබාදීමට තිබූ වාරිකය ගෙවීම ලංකා බැංකුව ශ්‍රේණියෙන් පහත වැටීම (Downgrade) නිසා ප්‍රතික්ෂේප වී තිබේ.

ලංකා බැංකුව විසින් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂා කර තිබූ මුළු ණය මුදල ඩොලර් මිලියන 140ක් වූ අතර පසුගිය ජූලි මස 19 වෙනිදා පළමු වාරිකය ලෙස චීන සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 70ක් මුදාහැර තිබේ. එහි දෙවැනි වාරිකය ලෙස මුදාහැරීමට තිබූ ඩොලර් මිලියන 70ක මුදල මුදාහැරීම මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.

ලංකා බැංකුව මෙම වසර තුළදී ශ්‍රේණිගත කිරීම්වලින් ඒකක දෙකක් එකවර පහත වැටීම නිසා මෙම ණය මුදල ප්‍රතික්ෂේප වී තිබේ. මෙම හේතුව නිසා ලබාදී ඇති ණය වාරිකයද නැවත කඩිනමින් අයකරගැනීමට චීන සංවර්ධන බැංකුවට හැකියාව තිබේ.

ලංකා බැංකුව මුහුණ දී තිබෙන මෙම අර්බුදයෙන් පෙනෙන්නේ රටේ ආර්ථික අර්බුදයේ ගැඹුර බව යැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි. එමෙන්ම ඉදිරියේදී ලංකා බැංකුවට නැවත ණය ලබාගැනීම විශාල ගැටලුවක් වී තිබෙන අතර පෙර කී වාරිකය චීන සංවර්ධන බැංකුව විසින් කඩිනමින් අයකරගැනීමට තීරණය කළහොත් මෙම අර්බුදය තවත් තීව‍්‍ර වන බව ආර්ථික වි ය හැකි බවද ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

ආශ්‍රිත පුවත් :- ආණ්ඩුවේ ණය කන්ද ජාතියේ මහා පහන් ටැඹ මතට කඩා වැටේ…

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්