උත්සව, ප්‍රියසාද එපා – ඉදිරි දිනවල කොරෝනා පොකුරු ඇති වීමේ අවදානමක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

උත්සව, ප්‍රියසාද එපා – ඉදිරි දිනවල කොරෝනා පොකුරු ඇති වීමේ අවදානමක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා ප්‍රිය සාද පසුගිය වසරවල මෙන් සිදුනොකරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර කොවිඩ් – 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ඉදිරි දිනවල කොවිඩ් ආසාදිත පොකුරු ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් ඔවුන් අනතුරු අඟවයි

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර…

“ඉදිරි දවස් දෙක අලුත් අවුරුද්ද උදාවීමත් සමගම නොයෙක් විදියේ උත්සව හා සාද පවත්වන කාලයක්. නමුත් තවදුරටත් අපේ රට තුළ කොවිඩ් – 19 රෝගීන් දිනපතා සිය ගණනක් වාර්තා වනවිට සාද හා උත්සව වෙනදා වගේ අපිට පැවැත්වීමේ අපහසුවක් තියෙනවා. අපි දැක්කා පහුගිය දවස්වලත් නොයෙක් අවස්ථාවල දී රෝගීන් පොකුරු වාර්තාවීමට ප්‍රධානතම හේතුව වුණේ විවිධ ආකාරයේ උත්සව. ඒ වගේ අවස්ථාවලදී ආසාදිතයෙක් හිටියොත් බොහෝම වේගයෙන් ඒ වගේ අවස්ථාවලදී පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ දී අලුත් අවුරුද්ද සැමරිය යුත්තේ අලුත් ආකාරයකට, කොවිඩ් රෝගය බෝ නොවන ආකාරයකට.“

සෞක්‍ය අංශ මෙසේ පැවසුවද ආණ්ඩුවේ මැති ඇමතිවරු විවිධ ප්‍රිය සම්භාෂන පවත්විම්න නිරෝධායන නීති හෝ නොතකා කටයුතු කරන ආකාරය දක්නට ලැබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්