පාර්ලිමේන්තුවෙත් 20ක් නිරෝධායනයට

පාර්ලිමේන්තුවෙත් 20ක් නිරෝධායනයට

කාතානායකගේ ආරක්ෂාවට යොදවා ඇති ප්‍රභූ ආරක්ෂකයනින් දෙදෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ 20 දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් ආසාදිත මෙම ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකු උප පොලිස් පරීක්ෂකවරයෙකු වන අතර ඔහු පසුගිය දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාන කිහිපයකට ගොස් ඇති බව එහි සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත.

මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති පාර්ලිමේන්තු කාර්යමණඩලයේ පිරිස අතර රියදුරෙකු, තැපැල් කාර්යාලයේ නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුම සිටින බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්