පැණිය බීපු නාවිකයෙකුටත් කොරෝනා පොසිටිව්

පැණිය බීපු නාවිකයෙකුටත් කොරෝනා පොසිටිව්

කෑගල්ලේ ධම්මික කපුමහතාගේ පැණිය බිවූ විදේශිය නැවක රැකියාව කරන නාවිකයෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතිබව වාර්තා වේ.

ධම්මික කපුමහතාගේ නිවසේ සිට කිලෝමීටර 03ක් පමණ දුරින් පිහිටි මාකුර ගම්මානයේ පදිංචි මෙම ආසාදිත පුදගලයා පසුගිය දෙසැම්බර් 08 වෙනිදා මෙම පැණීය ලබාගෙන ඇති අතර පසුගිය සතියේදි (28) නැවත සේවයට වාර්තා කිරීමට පෙර PCR පරීක්ෂණයට මුහුණ දුන් පසු කොවිඩ් – 19 ආසාදිතයෙක් බව හඳුනාගන්නා ලදැයි කැගල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ පවසයි.

මෙම ආසාදිතයා පැණිය ලබාගැනීමට ධම්මික වෙදමහතාගේ නිවසට ගිය දෙසැම්බර් 08 වනදා දසදහසකට අධික පිරිසක් කපුමහතාගේ නිවස ඉදිරිපිට රැස්ව සිටිබව වාර්තා වේ.

මේ අතර ධම්මික කපුමහතා තාවකාලිකව පදිංචිවී සිටින ගම්මානයේ ජනතාව බලවත් බියකින් පසුවන අතර සිය ගම්මානයට කොරෝනා අවධානම රැගෙන ඒමේ වගකීම මෙම පැණිය ප්‍රවර්ධනය කළ සියලුම දේශපාලකයන් සහ රූපවාහිනි මාධ්‍ය විසින් බාරගතයුතු බව ඔවුන් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්