කොරෝනා නව ප්‍රභේදය ළඟටම එයි

කොරෝනා නව ප්‍රභේදය ළඟටම එයි

බ්‍රිතාන්‍යයෙන් ඇරඹී ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා නව ප්‍රභේදය මේ වනවිට ඉන්දියාවට පැමිණ ඇතැයි වාර්තා වේ.

මෙම නව ප්‍රභේදය ආසාදිත රෝගීන් 20 දෙනෙකු ඉන්දියාවෙන් හඳුනාගෙන ඇත. මේ වනවිට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහිත දෙවන රට බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි.

එසේම ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද මෙම නව ප්‍රභේදය සහිත රෝගියෙක් හමුවී තිබේ. කොලරාඩෝ ප්‍රාන්තයෙන් හමු වූ මෙම රෝගියාට මෑත කාලීනව කිසිදු සංචාරක ඉතිහාසයක් නොමැති වීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්