සිය ආරක්ෂකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරුවීම හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය නිල නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.
ඒ, කතානායකවරයාට ආරක්ෂාව සපයන ප්‍රභූ ආරක්ෂක පෙර ගමන් රථයක රියදුරෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙනි.
එමෙන්ම මීට පෙර කතානායක නිල නිවසේ කළමනාකාරවරයා ඇතුළු කාර්යමණ්ඩල 10 දෙනෙකු සහ ප්‍රභූ ආරක්ෂකයින් 18 දෙනෙකුද එම නිල නිවසේම නිරෝධායනයට ලක්කර තිබිනි.
0










