කොරෝනා වෛරසය නසන පිළිගත් එන්නතක් ලබන වසරේ මාර්තු මස වනවිට ශ්‍රී ලංකාවට ලබා දීමට හැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රජයේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් විසින් මාර්තු මස වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණයෙන් 20%ක් නොමිලේ ප්‍රධානය කරන බව පැවසීය.
එමෙන්ම එම එන්නත් ගබඩා කර තැබීමට අවශ්‍ය කරන ශීතාගාර පහසුකම් වැඩිදියුණූ කරගැනීමට ලංකා රජය විසින් කටයුතු සුදානම් කරගත යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් විසින් අවධාරණය කරන ලදි.
මේ වනවිට එළිදක්වා ඇති ෆයසර් ඇතුලු කොරෝනා එන්නත් රැසක්ම අධිශීතකරණ තුළ ගබඩා කර තැබිය යුතුවේ.
1










