ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ආරක්ෂාව සපයන ප්‍රභූ ආරක්ෂක කාර්යයේ නියුතු තවත් ආරක්ෂකයෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි මේ වනවිට තහවුරු වී තිබේ.
ඔහු මීට පෙර කොවිඩ් ආසාදිතව හමුවූ කතානායක ආරක්ෂ පෙරගමන් රථයේ රියදුරු වන පොලිස් කොස්තාපල් වරයා ගමන් ගත් රථයේ ඉදිරිපෙළ ආසනයේ ගමන් ගත් උප පොලිසි පරීක්ෂක වරයා බවද වාර්තා වේ.
මේ වනවිට ඔහුද රෝහල් ගතකර තිබේ.
1










