නිරෝධායන මධ්‍යස්ථානයක පිරිසක් උපවාසයක

නිරෝධායන මධ්‍යස්ථානයක පිරිසක් උපවාසයක

පසුගිය දෙැසැම්බර් මස 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ නිකරුනේ රදවාගෙන සිටීමට උත්සාහ ගන්නා බව සඳහන් කරමින් ඊට විරෝධය පළකරමින් එම පිරිසේ 12 දෙනෙක් ඊයේ (29) රාත්‍රියේ සිට නිහාරව උපාවාසයක යෙදී සිටිති.

දෙසැම්බර් 02 වැනිදා කටුනායකට පැමිනි 276 දෙනෙකු PCR පරීක්ෂනයකට ලක් කර නිල්වාලා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත. එහිදී තිදෙනෙකු ආසාදිතයන් බව හෙළි වී ඇති අතර දින 14 ගතවීමෙන් පසු පැවති පරීක්ෂණයේදී තවත් එක් අයෙකු ආසාධිත බව හෙළි වීම නිසා ඔවුන් තවත් දින 14ක් නිරෝධායනයට ලක් කර තිබේ.

ඒ වනවිට සියලු දෙනා එකම පහසුකම් භාවිතා කළ බවත් අනතුරුව පිරිස වෙන් වෙන් කාමරවල රැදී සිටිමින් වැසිකිලි පහසුකම් ආදිය බෙදාගෙන භාවිතා කළ බවත් මෙම පිරිස පවසති.

අනතුරුව පෙර්දා 28 යලි PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර එක් කාමරයක සිටි 06දෙනෙකු අතරින් එක් අයකු ආසාධිතයකු බව එහිදී හෙළි වී ඇත. මේ තත්වය මත වෙනත් කාමරවල රැදී සිටි පිරිසද තවත් දින 14ක් නිරෝදායනයට ලක් කරන බවට කළ ප්‍රකාශයකට විරෝධය පල කරමින් 12 දෙනකු මෙසේ උපවාසයක යෙදීමට තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් කීය.

ආසාදිතයා හමුවූ කාමරයේ සෙසු පස්දෙනා තවදුරටත් නිරෝධායනය කිරීම සාධාරණ වුවත් මේ වනවිට දින 30ක් ගත කර ඇතැයිද තමන්ව මෙසේ හිරිහැරයට ලක් කිරීම මහත් ගැටලුවක් බවද ඔවුහු පවසති. එමෙන්ම පෙර වතාවන්හිදී ආසාධිතවූවන් පවා මේවනවිට සුවවී නිවෙස් බලා ගොස් ඇති පසුබිමක තෙවතාවක් පරීක්ෂණවලදී ආසාදිතයන් නොවන බවට තහවුරු වූ තමන් මෙසේ තවදුරටත් රදවාගෙන සිටීම කණගාටුවට කරුණක් බවද උපවාසයේ නිරත පිරිස කියති.

මේ සම්බන්ධව නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයෙන් කළ විමසීමේදී එහි හමුදා සාමාජිකයකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ උසස් නිලධාරීන්ගේ අවසරයක් නොමැතිව කිසිත් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Facebook
Twitter
LinkedIn