ජනතාවට ගෙවල්වලට සීමා වෙන්නැයි කියා මැති ඇමතිවරු පාටි දමති

ජනතාවට ගෙවල්වලට සීමා වෙන්නැයි කියා මැති ඇමතිවරු පාටි දමති

කොවිඩ් වසංගත තත්වය හමුවේ නිවෙස්වලින් බැහැර නොයන ලෙසත් උත්සව ආදිය සංවිධානය කිරීමෙන් වැලකී නිවෙස් වෙතට වී සිටින ලෙසත් ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටින පසුබිමක ආණ්ඩුවේ මැති ඇමතිවරු, පාර්රිමේන්තු මන්ත්‍රීවරු ප්‍රියසාදවලට සහභාගී වන අයුරු දක්නට ලැබේ.

පසුගියදා ආගමන විගමන දෙපාර්තමේන්තවේ හිටපු ආගමන හා විගමන පාලක ජෙනරාල් මෙන්ම වත්මන් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාද ලෙස කටයුතු කළ ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා විශ්‍රාම ගැනීම නිමෙත්තෙන් සංවිධානය කර තිබූ ප්‍රිය සාදයක් සඳහා ආණ්ඩුවේ ඇමතිවරු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වී තිබේ.

එහිදී දයාසිරි ජයසේකර, මනූෂ නානායක්කාර, විමල් වීරවංස, හරීන් ප්‍රනාන්දු ඇතුළ පිරිමක් ගී ගයන ඡායාරූප පෙළක්ද සමාජ මාධ්‍යවල පලවෙමින් තිබේ.

විමල් වීරවංස පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටියදී ඔහු සහ ඔහුගේ බිරිඳට, කූඨ ලේකනවලින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බවට අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පිළිගත්තේද මෙම චූලානන්ද පෙරේරාය.

Facebook
Twitter
LinkedIn