නීතිවිරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 20,900ක් පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද (30) අලුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළදි ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
මෙම කහතොගය ඉකුත් 27 වැනි දින ටෝලර් යාත්‍රාවකින් හුංගම කළමැටිය ධීවර වරායට ගෙනවිත් ගොඩබෑමට සූදානම් වෙන අවස්ථාවේදී ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එම නිලධාරීන් විසින් සිය බාරයට ගනු ලැබ තිබිණි.
මෙම කහ තොඟය විනාශ කිරීමට පියවර ගත්තේ නිරෝධායන නීතියට අනුව බවද පැවසේ.
1










