ප්‍රංශයේ පොලිස් කොමාන්ඩෝ භටයන් තිදෙනෙක් මරුට !

ප්‍රංශයේ පොලිස් කොමාන්ඩෝ භටයන් තිදෙනෙක් මරුට !

කොරෝනා වසංගතය සමග ප්‍රංශයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය 20% කින් ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත. එජා සංවිධානයද එම ප්‍රමාණය 30%කින් ඉහල ගොස් ඇති නිසා එයට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රංශ රජයෙන් ඉල්ලා සිටියේ පසුගිය ජුලි මාසයේදීය.

එසේම ප්‍රංශයේ සෑම මිනිත්තු තුනකටම වරක් කාන්තාවක් දුෂණය වන, දින තුනකට වරක් කාන්තාවක් තම සැමියාගෙන් හෝ සහකරුවන් අතින් මිය යන හා දින 5කට වරක් කුඩා දරුවෙකු දෙමව්පියන්ගෙන් පහර කා මියයන රටක් බවට පත්ව ඇත.

එවැනි ලැබුණ තොරතුරක් මත ප්‍රාණ ඇපයට ගත් කාන්තාවක් බේරාගැනීමට මැදිහත් වූ ප්‍රංශ පොලිස් ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධන අංශයේ(ZGN) සාමාජිකයින්ට ඇයගේ සැමියාගෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එම අංශයේ නිලධාරීන් තිදෙනෙකු ඊයේ 23 දා මරුමුවට පත් වී ඇත.

ප්‍රහාරයකයා අන්ත ක්‍රිස්තියානි භක්තිකයෙකු වන අතර ලෝක විනාශය ලං වී ඇති බවට තදින් විශ්වාශ කල මානසික රෝගියෙක් ලෙසද මාධ්‍ය වාර්තා කර සිටි. ඔහු ක්‍රීඩාවක් ලෙස වෙඩි තැබීම පුහුණු වූ අයෙක් සේම විනෝදාංශයක් ලෙස විශාල ලෙස යුධ ආයුධ එකතු කරන්නෙක් බවටද හෙළි වී ඇත.

කෙසේවෙතත් ප්‍රංශයේ පොලිස් කොමාන්ඩෝ භටයන් තිදෙනෙකු මෙසේ ක්‍රියාන්විතයකදී මරුමුවට පත් වීම අසාමාන්‍ය හා පුදුම සහගත සිදුවීමක් ලෙස ප්‍රංශ ආරක්ෂක අංශ කනස්සල්ල පල කරයි.

පසුගිය කාලයේ පොලීසිය විසින් නීතිය අයුතු ලෙස යෙදවීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව ප්‍රංශ ජනාධිපතිවරයාගේ පවා විවේචනයට එල්ල වූ අතර මහ ජනතාවගේද කෝපය පල විය. එසේම පොලිසියද ජනාධිපති වරයාගේ ප්‍රකාශයන් හෙලා දකිමින් අත්‍යවශය සේවා වලින්ද ඉවත් වී සිටියේය.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය සමග ලොව පුරා ඉහල ගොස් තිබෙන සාමාජිය, දේශපාලන හා ආර්ථික අර්බුධය නිසා ප්‍රචණ්ඩ ක්‍රියා, හුදකලා වීම් මත මානසික අසහනය වැනි තත්වයන් තව දුරටත් ඉහල යාහැකි බව එ.ජා සංවිධානයද අනතුරු හඟවයි. ලෝකයේ රටවල් රාශියක සමීක්ෂණයකින් පසුව එජා සංවිධනය පවසන්නේ ලොව පුරා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා ස්ත්‍රී දුෂණ පිලිබඳව පැමිණිලි මිලියන 33ක් හා අනවශ්‍ය ගැබ් ගැනීම් මිලියන 7ක් වාර්තා වී ඇති බවයි.

ඔහු ක්‍රීඩාවක් ලෙස වෙඩි තැබීම පුහුණු වූ අයෙක් සේම විනෝදාංශයක් ලෙස විශාල ලෙස යුධ ආයුධ එකතු කරන්නෙක් බවටද හෙළි වී ඇත. ඔහු පසුව සියදිවි හානි කරගෙන ඇත.

Facebook
Twitter
LinkedIn