අපරාධ නඩු විශේෂ විධිවිධාන සංග්‍රය යටතේ වරෙන්තු නැතිව පුද්ගලයන් සිරභාරයට ගෙන රඳවා තබා ගැනීමට හැකිවන පරිදි බලපැවැත්වෙන විධි විධාන පසුගිය 23දා අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි විසින් නිකුත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් වසර දෙකක් දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ.
මෙම දීර්ඝ කිරීම 2021 පෙබරවාරි මස දෙවන දින සිට අවුරුදු දෙකක් බලපැවැත්වෙන පරිදි සිදුකර ඇත. 2013 අංක 2 දරන අපරාධ නඩු විශේෂ විධි විධාන පනතේ 07වන වගන්තියේ දෙවන උප වගන්තියට අනුව අධිකරණ ඇමතිවරයා විසින් මෙම නියෝග නිකුත් කර තිබේ. ඒ අනුව “විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමේ” හැකියාව පොලිසිවලට හිමිවේ.
මෙහි විශේෂත්වය වන්නේ යුද්ධය අවසන් වී සිව් වසරකට පසු 2013 අංක 2 දරන අපරාධ නඩු විශේෂ විධිවිධාන පනත සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීමය.


1










