ආගරපතන සභාපතිගේ ආශ්‍රිත නාගරික මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

ආගරපතන සභාපතිගේ ආශ්‍රිත නාගරික මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ස්වයං නිරෝධායනය සඳහා යොමුකර සිටි එම නාගරික මන්ත්‍රීවරයාට සිදුකර තිබූ PCR පරීක්ෂණයේ වාර්තාව අද (24) දිනයේ ලැබී තිබූ අතර ඒ අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැණුනි.

කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන සිටියදී ආගරපතන ප්‍රාදේශීය සභා සභාපති කදිර් සෙල්වම් මහතා මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පැවැති රැස්වීමටක ඉකුත් 17 වැනිදා සහභාගී වී ඇති අතර එම රැස්වීමට මෙම නාගරික මන්ත්‍රීවරයාද සහභාගී වී සිට ඇත.

Facebook
Twitter
LinkedIn