එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කළුතර නගර සභාවේ අයැවය පොහොට්ටු පක්ෂයේ සහායෙන් සම්මත කරගෙන තිබේ.
කළුතර නගර සභාවේ සභාපති අමීර් නසීර් සිවින් පසුගියදා ඉදිරිපත් කළ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පතට පක්ෂව ඡන්ද 14කුත් විරුද්ධව ඡන්ද 03කුත් ලැබී තිබේ.
එම නගර සභාවේ සභිකයින් 20 දෙනෙකු නියෝජනය කරන අතර ඉන් 09 දෙනෙකු එජාපයටත්, 06 දෙනෙකු පොහොට්ටු පක්ෂයටත්, ශ්‍රීලනිපයට දෙකකුත් ජවිපෙට සහ ස්වාධීන කණ්ඩායමට එක් අයෙකු බැගිණුත් සිටිති.
0










