ට්‍රම්ප් යන්නට පෙර සමීපතමයන් රැසකට ජනාධිපති සමාව දෙයි.

ට්‍රම්ප් යන්නට පෙර සමීපතමයන් රැසකට ජනාධිපති සමාව දෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයෙන් සමුගැනීමට ආසන්නව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමීපතමයින් සහ ඥාතීන් රැසකට ජනාධිපති සමාව ලබා දී තිබේ.

ට්‍රම්ප්ගෙන් ජනාධිපති සමාව ලබා ඇති කණ්ඩායමට ට්‍රම්ප්ගේ හිටපු මැතිවරණ ප්‍රචාරක කළමණාකරු පෝල් මැනාෆෝර්ට්, ට්‍රම්ප්ගේ දිගුකාලීන සහායකයෙකු වන රොජර් ස්ටෝන් සහ ට්‍රම්ප්ගේ බෑණා සහ උපදේශකයකු වන ජෙරඩ් කුෂ්නර්ගේ පියා වන චාල්ස් කුෂ්නර් අයත් වේ. ඊයේ (23) රාත්‍රියේ ඔවුන්ට ජනාධිපති සමාව ලබා දී ඇති අතර මීට පෙර පසුගිය අඟහරුවාදා තවත් පුද්ගලයින් 15 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී ඇත.

ට්‍රම්ප්ගේ දෝෂාභියෝග ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙකු වූ හිටපු ෆ්ලොරිඩා නීතිපති පෑම් බොන්ඩි සහ මාර්වල් එන්ටර්ටේන්මන්ට් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ පාම් බීච් හි ජනාධිපතිගේ පෞද්ගලික මාර්-ඒ-ලාගෝ සමාජයේ සාමාජිකයෙකු වන අයිකේ පර්ල්මුටර් විසින් නිර්දේශ කරන ලද පුද්ගලයින් ද ජනාධිපති සමාව ලැබූ කණ්ඩායමට ඇතුළත් වේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම තීරණය බොහෝ පිරිසකගේ විරෝධයට හා විවේචනයට ලක්ව තිබේ. මීට පෙර සිටි ඇමෙරිකානු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා, ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන් ද සිය ධූරයෙන් සමු ගැනීමට පෙර විවිධ පුද්ගලයින්ට ජනාධිපති සමාව ලබා දී තිබේ. නමුත් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහුගේ පූර්වගාමීන්ට වඩා බොහෝ සෙයින් ඉදිරියට ගොස් සිය ඥාතීන්ට සහ හිතවතුන්ට එම වරප්‍රසාදය ලබා දී ඇති බවට බවට විවේචකයින් චෝදනා කරයි.

බදාදා ලැයිස්තුවේ කැපී පෙනෙන සමාව ලැබූවන් කිහිපයක් මෙන්න:

ට්‍රම්ප්ගේ හිටපු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සභාපති පෝල් මැනාෆෝර්ට්, 2016 මැතිවරණයේදී රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් විශේෂ උපදේශක රොබට් මුලර්ගේ විමර්ශනයට වරදකරු වී දැඩි දඬුවම් නියම විය. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් සහ රොනල්ඩ් රේගන් ඇතුළු බොහෝ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයින් වෙනුවෙන් සේවය කර ඇති මැනාෆෝට්, ව්‍යාජ ආදායම් බදු වාර්තා ගණනය කිරීම් සහ විදේශ බැංකු වාර්තා ගොනු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරදකරු විය. ඔහු ට්‍රම්ප්ගේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට පෙර සිටම ගිණුම් සහ ක්‍රියාකාරකම් සම්බන්ධ බැංකු වංචාවන් නිසා වරදකරුවකු වී ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් වසර හතක සිර දඬුවම් නියම කළ නමුත් COVID-19 වසංගතය හේතුවෙන් 2020 මුල් භාගයේදී ඔහු නිවාස අඩස්සියේ නිදහස් කරන ලදී. මැනාෆෝර්ට් 2016 මාර්තු මාසයේදී ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූයේ ප්‍රචාරක සමුළු කළමනාකරු ලෙස ය. ඔහු ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක සභාපති ලෙස 2016 මැයි සිට 2016 අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වන තෙක් සේවය කළේය.

මේ වසර මුලදී, ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහුගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්ට සමාව දුන් අතර, දිගුකාලීන මිතුරෙකු සහ විශ්වාසවන්තයෙකු වූ රොජර් ස්ටෝන්ගේ දඬුවම ඉවත් කළේය. 2016 ජනාධිපතිවරණයට රුසියාවේ සහාය ලබා ගත් බවට මේ දෙදෙනාම අධිචෝදනා ලැබ සිටියහ. 2007 නිරායුධ ඉරාක සිවිල් වැසියන් දුසිමකට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ හමුදා කොන්ත්‍රාත්කරුවන් සිව්දෙනෙකු ඇතුළත් වූ කණ්ඩායමකට අඟහරුවාදා ට්‍රම්ප් සමාව ලබා දුන්නේය.

ජනාධිපති සමාව ලැබූ මැනාෆෝට් ඒ පිළිබඳව මෙසේ අදහස් පළකර තිබේ.

“ජනාධිපතිතුමනි, ඔබ අද මට දුන් ජනාධිපති සමාව ගැන මාගේ පවුලේ අය සහ මම නිහතමානීව ස්තූතිවන්ත වෙමු. අප කෙතරම් කෘතඥ පූර්වක වනවාද යන්න වචනවලට ප්‍රමාණවත් ලෙස ප්‍රකාශ කළ නොහැකිය.” “ඔබගේ ජනාධිපති ධුර කාලයේ ඔබගේ පූර්වගාමීන්ට වඩා වසර 4 ක් තුළ බොහෝ දේ ඉටු කර ඇති බව ඉතිහාසය වාර්තා කරයි. ඔබ සැබවින්ම කළේ ‘ඇමරිකාව යළිත් ශ්‍රේෂ්ඨ කිරීමක්’ යන්නයි. විවේචකයින්ගේ කෙතරම් චෝදනා එල්ල වූවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ දක්වා 26 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.

සමාව ලැබූ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සමීපතමයින්….

 

Facebook
Twitter
LinkedIn