බස්නාහිර පළාත තුළ කොවිඩ් – 19 ආසාදිතයින් බහුතරයක් වාර්තාවීම හේතුවෙන් උදාවන අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වමින් යම් සංචරණ සීමාවක් පැනවිය යුතු බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියද කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ කිසිසේත්ම නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට අදහසක් නොමැති බවය.
“කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමාවේ රෝගීන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වෙනවා. අපිට හඳුනාගත නොහැකි මට්ටමින් සමාජයේ රෝගීන් සැරිසරනවා. ගම්පහ සහ කළුතරත් එවැනිම තත්ත්ව වාර්තා වෙමින් තියෙනවා. එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උදාව නිසා ප්‍රධාන කණ්ඩායම් 3ක් අවදානම්කාරී ලෙස ගමන් කරන ආකාරය අපිට නිරීක්ෂණය වුණා. පළමු කණ්ඩායම බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු වෙනත් පළාත්වල පිරිස්. මේ වනවිට ඔවුන් නිවෙස් කරා ගමන්කරමින් ඉන්නවා. දෙවැනි කණ්ඩායම පිටිසරබද ප්‍රදේශවල ඉඳලා බස්නාහිර පළාතට භාණ්ඩ හා සේවා ලබාගැනීමට එන පිරිස්. ඔවුන් ඉතාම අවදානම් ආකාරයට කටයුතු කරමින් සිටින ආකාරය පේනවා. තුන්වැනි කණ්ඩායම බස්නාහිර පළාතේ නිරෝධානය තත්ත්වයන්ට යටත් වෙලා සිටි පිරිස්. ඔවුන් ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල විනෝද චාරිකා සිදුකරනවා.” යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ පවස්නනේ මෙම උත්සව කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටතට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරණ නමුත් කිසිසේත්ම දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීමට හෝ ඇඳිරිනීතිය පැනවීමට කටයුතු නොකරණ බවය.










