දේශීය වෙදකමින් කොරෝනා මර්දනය කළ හැකි දැයි සෙවීම හොඳ ප්‍රවණතාවක් – අනුර දිසානායක

දේශීය වෙදකමින් කොරෝනා මර්දනය කළ හැකි දැයි සෙවීම හොඳ ප්‍රවණතාවක් – අනුර දිසානායක

ආයුර්වේදය හෝ ශ්‍රී ලංකාවෙහි පාරම්පරික වෙදකම මඟින් මේ වසංගත තත්ත්වය මැඬ පැවැත්විය හැකි දැයි පරීක්ෂණ කර බැලීම හා ඒ සඳහා මැදිහත්වීම ඉතා යහපත් ප්‍රවණතාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

එහෙත් ඖෂධ මුවාවෙන් කරනු ලබන මිථ්‍යාව වැපිරවීම සඳහා රජය ප්‍රබල ලෙස අනුග්‍රහය දැක්වීම හේතුවෙන් පාරම්පරික වෙදකමෙන් ලබාගත හැකි නිසි ප්‍රතිකාරය සොයා ගැනීමට නොහැකිවී ඇතියිද ඒ මහතා පවසයි.

පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කරනු ලබන්නේ නව රෝගයක් ආ පසු බැවින් ආයුර්වේද වෙදකම හෝ පාරම්පරික වෙදකමෙන් මේ වසංගතය අඩපණ කිරීමට ඖෂධ සොයා ගන්නවා නම් හෝ විධිමත් ආයතනයන් හරහා පරීක්ෂණ සිදුකොට එය සමාජගත කරනවානම් එය ඉතා යහපත් බවත් අනුර දිසානායක මහතා පවසයි.

එහෙත් රටෙහි මේ වනවිට ගොඩනැඟෙමින් ඇත්තේ එය නොවන බවත් පාලකයා මිථ්‍යාවෙන් ගිලුණු රටක, ප්‍රධාන වශයෙන්ම මිථ්‍යාව වපුරන්නන් බවට පාලකයා පත්ව ඇති රටක මිථ්‍යාදෘෂ්ටිකයන් සියල්ල මෙහි බඩපිනුම් ගැසීම කනගාටුවට කාරණාවක් බව අවධාරණය කළේය. ඕනෑම රටකට ඒ රටට ආවේණික වූ ඉතිහාසයේ සිට ගොඩනැඟුණු ඖෂධ වර්ග ඇති බවත් චීනයේ චීන කටු වෙදකම මෙන් ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෙදකම, පාරම්පරික හෙළ වෙදකම බොහෝ ලෙඩරෝගයන්ට හිත කර වී ඇති බවද ජවිපෙ නායක අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

නදී මාණික්කගේ – දිනමිණ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්